Friday, August 21, 2026
HomeNEWSකොළඹ අගරදගුරු පදවිය කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කරයි

කොළඹ අගරදගුරු පදවිය කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කරයි

කොළඹ අගරදගුරු පදවිය කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් කළු ඉරිදාවක් ප්රනකාශයට පත් කිරීමට කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තීරණය කර තිබේ.

ලබන 07 වන ඉරුදින දිවයින පුරා එම කළු ඉරිදාව ප්‍රකාශයට පත්කිරීමට ඊයේ (28) රැස් වූ කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තීරණය කර ඇත.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත් සියලුදෙනා වෙනුවෙන් යුක්තිය ඉටුනොවීමට විරෝධය දැක්වීමක් ලෙස එම කළු ඉරිදාව ප්‍රකාශයට පත්කර ඇති අතර එදිනට කතෝලික ජනතාව කළු ඇඳුමෙන් සැරසී දිව්‍ය පූජාවට සහභාගී වීමට නියමිතව තිබේ.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකදී මෙලෙස අදහස් ප්‍රකාශ කළේය.

“කොමිසම ගැන කිසිකෙනෙකුට විශ්වාසයක් නෑ. පක්ෂ සියල්ල ම වගේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ආගමික සංවිධාන සියල්ලම වගේ ප්‍රතික්ෂේප කරනවා. මේ කොමිසම පිහිට වුයේ, කවුද මේකේ මොළකාරයා, කවුද මේකට මුදල් දුන්නේ, කවුද මේකේ නායකයා, ඉදිරියට කරන්න තියෙන සැලසුම් ගැන හොයා ගන්න. ඒත් දැන්වෙලා තියෙන්නේ බෝම්බ ගහලා තියෙන්නේ හිටපු ජනාධිපති තුමයි, පූජිත ජයසුන්දරයි, හේමසිරි ප්‍රනාන්දු හා පොලීසියේ DIG ලා කියන එක. බලාපොරොත්තු වුණ දේ නෙමෙයි වෙලා තියෙන්නේ කියන එක පැහැදිලියි.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි...

පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත අපි අධිකරණයට ගියා. පළවෙනි පැය 24 තුළ පෙත්සම් 38 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට...

ප්‍රවීන ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී (82) නාවල පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වෙයි

ඇමරිකාව ඉරානයට ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමත් සමගම බොරතෙල් මිල ඉහළට

අමෙරිකානු ජනපති ට්‍රම්ප් ඉරානයට ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමෙන් පසු, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඇ:ඩො:94.18 දක්වා ඉහළට. WTI තෙල් මිල ඇ:ඩො:87.07 ක් ලෙස සටහන් වෙයි: විදෙස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img