Thursday, August 20, 2026
HomeNEWSමියන්මාරයේ විරෝධතා අතරතුර වෙඩි ප්‍රහාරවලින් 18ක් මරුට

මියන්මාරයේ විරෝධතා අතරතුර වෙඩි ප්‍රහාරවලින් 18ක් මරුට

මියන්මාරයේ විරෝධතා අතරතුර වෙඩි ප්‍රහාරවලින් 18ක් මරුට

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවල අඳුරුතම දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් ඊයේ (28) දිනය නම් කර තිබේ.

ඒ ඊයේ දිනය තුළදී පොලිස් වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 18 දෙනෙක් මියයෑමත් සමගය.

ඉකුත් පෙබරවාරි පළමු වැනි දා මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් හිටපු පාලකයන් බලයෙන් පහකෙරුණි.

අනතුරුව රටේ හමුදා පාලනයක් පිහිට වූයේ නායිකා අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් කිහිපදෙනෙකුම හමුදා භාරයට ගනිමිනි.

එම කුමන්ත්‍රණයට ජාත්‍යන්තරයෙන් මෙන්ම රට තුළින්ද බලවත් විරෝධයක් එල්ලවිය.

සිදුවීමෙන් මාසයක කාලයක් ගතවී ඇතත් රට තුළ උද්ගත වූ විරෝධතා තවමත් පහව ගොස් නැහැ.

සතියක පමණ කාලයක් පැවති සාමකාමි විරෝධතා අවසන් කරමින්, පොලීසිය යොදාගෙන යළි විරෝධතා මර්දනය කිරීමට ඉකුත් සෙනසුරාදා සිට හමුදා පාලකයන් කටයුතු කරමින් සිටී.

පොලීසිය විරෝධතාකරුවන් වෙතට ජීව උණ්ඩ මෙන්ම කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඩාවේ නගරයේදී පොලිසිය විරෝධතාකරුවන් දෙසට වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළේය.

එම වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබෙන්නේ යැන්ගොන්, ඩාවේ සහ මැන්ඩලේ යන නගරවල පැවති විරෝධතාවලට එක්වූ පුද්ගලයන් පිරිසකි.

එහිදී වෙඩි වැදී තුවාල ලැබූ හා මියගිය පුද්ගලයන් රැගෙන යාමට සෙසු විරෝධතාකරුවන් කටයුතු කර තිබේ.

වෙඩි තැබීම්වලින් තුවාල සිදුවූ පිරිස 30 ඉක්මවන බවද විදෙස් වාර්තාවල සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img