කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල වෙසෙන අවුරුදු 20ත් 30ත් අතර අයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය හෙට (06) සිට ආරම්භ කෙරෙයි.
කොළඹ මහනගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනි, වෛද්‍ය දිනූකා ගුරුගේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.
ඒ අනුව හෙට උදෑසන 9 සිට සවස 3 දක්වා එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකරන බවත් අවශ්‍ය ප්‍රමාණයට එන්නත් ඇති බැවින් තදබදයක් ඇතිකර නොගන්නා ලෙසත් ඇය සඳහන් කර ඇත.
එම එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන ස්ථාන පහතින් දැක්වේ.






















