Wednesday, November 11, 2026
HomeNEWSස්පුට්නික් V එන්නත් ලබාදීම ගැන නිෂ්පාදන සමාගමෙන් දැනුම්දීමක්

ස්පුට්නික් V එන්නත් ලබාදීම ගැන නිෂ්පාදන සමාගමෙන් දැනුම්දීමක්

ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනය කරන රුසියානු  සමාගම විසින් මෙරටට අවශ්‍ය එන්නත් ලබාදීම සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ මෙරට ජනතාවට දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට අවශ්‍ය ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් ප්‍රමාණය සැප්තැම්බර් මාසය ඇතුළත ලබාදීමට හැකි බව දැනුම්දී ඇති බවය.

“ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදන ආයතනය අපිට දැනුම්දීලා තියෙනවා සැප්තැම්බර් මාසය ඇතුළත ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉතිරි දෙවන මත්‍රා 120,000 ලබාදෙන්න කටයුතු කරනවා කියලා. එතකොට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට එම එන්නත් ලබාදෙන්න කටයුතු කරනවා.”

“මේ සතියේ අපේ ප්‍රමුඛ අවධානය තියෙන්නේ 30ට වැඩි සියලු දෙනා එන්නත් කරලා අවසන් කරන්න.”

“අද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් අපිට ලැබුණා. මේ තමයි එක වරකදී ශ්‍රී ලංකාවට ලැබුණු ඉහළම එන්නත් මාත්‍රා තොගය. එම ලක්ෂ 40ත් සමග සයිනොෆාම් පමණක් මිලියන 22ක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. ඊයේ හවස් වෙනකොට සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකිකයන් කෝටියකට දීලා තියෙනවා. ලක්ෂ 73කට මාත්‍රා දෙකම සම්පූර්ණ කරලා තියෙනවා.”

මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 150,000කට පමණ ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබේ.

ඒ අනුව ඉන් දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 30,000ක් පමණ වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img