පහළ කඩුගන්නාවෙන් වසා දැමුණු කොළඹ-නුවර ප්රධාන මාර්ගය හෙට උදෑසන 9 දක්වා තවදුරටත් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
නායයාම් අවදානම හේතුවෙන් මෙලෙස කොළඹ-නුවර ප්රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමුවා.
ඒ අනුව අදාළ මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.






















