කොළඹ හුණුපිටිය ගංගාරාමය බේරේ වැව දෙසින් දැඩි දුගඳක් හමන්නට පටන්ගෙන තිබෙන බව වාර්තාවේ. දින කිහිපයක් තිස්සේ පවතින මෙම දැඩි දුගඳ මගින් ගංගාරාම විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්, බේරේ වැව ආසන්නයේ පිහිටා ඇති බිෂොප් විද්‍යාලයේ සිසුවියන්, ගංගාරාමයේ සිට පිත්තල හන්දිය දක්වා පිහිටා ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින්, බේරේ වැව අසලින් ගමන් ගන්නා මගින් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති බව වාර්තාවේ. බේරේ වැවට කැලිකසල ඇතුළු මළපහ සහ විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා මෙම දැඩි දුගඳ පැවතින බවත් මේ හේතුවෙන් ගංගාරාම විහාරස්ථානය තුළට ද දැඩි දුගඳක් හමායමින් තිබෙන බවත් ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ නියෝජිතයකු Lanka s news වෙත ප්‍රකාශ කළේය. විදේශීය සංචාරකයින් සහ බැතිමතුන් විශාල ප්‍රමාණයක් දිනපතා ගංගාරාම විහාරස්ථානයට පැමිණෙන බවත් ඔවුන් ද මෙම දැඩි දුගඳ හමුවේ දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවත් මේ ගැන අදාළ වගකිය යුත්තන්ගේ අවධානය කඩිනමින් යොමිය යුතු බවත් ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ නියෝජිතයකු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. බේරේ වැවට එක් වී ඇති මළපහ ඇතුළු අපද්‍රව්‍ය බේරේවැවේ මායිමිවල ගොඩ ගැසෙමින් තිබෙන බවද වාර්තාවේ.






















