කෝටි 06ක වාලම්පුරි දෙකක්
රුපියල් කෝටි 06ක මුදලකට වාලම්පුරි දෙකක් නීතිවිරෝධිව අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයින් සිව් දෙනෙකු ඉමදූව, කෝදාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ඉමදූව පොලීසිය එක්ව ඊයේ (30) රාත්‍රි සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් වැලිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට මෙම වාලම්පුරි අලෙවි කිරීමට උත්සහ දරා ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර එම පුද්ගලයා ද වන බව ඉමදූව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් සියලු දෙනා අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන්නන් අතර ඔවුන් ගාල්ල මාහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.






















