කෲඩියා සිලනිකා ගස ගැන උසස් පෙළ ජීව විද්‍යා පොතේ ඇති සටහන
“කෲඩියා සිලනිකා“ හෙවත් පඬු කරඳ ශාකය ආරක්ෂා වන අයුරින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේ හැකියාවක් පවතින්නේදැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසීමක් සිදුකර තිබේ.
පරිසර අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළේය.
රතු දත්ත පොතට පවා ඇතුළත්ව පවතින මෙරටට ආවේණික ශාකයක් වන පඬු කරඳ හෙවත් Crudia zeylanica වර්ගයේ ශාකයක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ මේ වන විට ඒ පිළිබඳ දැඩි සමාජ කතාබහක් නිර්මාණය වී තිබේ.
ශාකය පිහිටි ස්ථානයට අද පෙරවරුවේ පැමිණි සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ හිමිවරු පිරිසක් විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර ශාකය ත්‍රිවිධ රත්නයට භාරකෙරුණි.
එහිද අදහස් දැක්වු උසස් පෙළ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා පැවසුවේ, “අපොස උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත, ඒකේ තියනවා ජීව විශේෂ නෂ්ට වීම කියලා. ජීව විශේෂයක් නෂ්ට වෙනවා කියලා අදහස් කරන්නේ , ජීව විශේෂයක හිටපු අන්තිම සාමාජිකයත් මේ ලෝකයෙන් තුරන් වෙලා යෑම. ඒ ගොල්ලො ආය දකින්න ලැබෙන්නේ නෑ. එතකොට රනිල ශාකයක් තියෙනවා කෘෘඩියා සිලනිකා , ශ්‍රී ලංකාවේ. ඒක ලෝක උරුමයක්. ඒක ආරක්ෂා කිරීම යම් කිසි රජයක ප්‍රධානතම කර්යභාර්යක්” යනුවෙනි.
මේ අතර, විෂයභාර අමාත්‍යවරයා පවසන්නේ ශාකය ආරක්ෂා කරගැනීම සඳහා වූ යෝජනා මාර්ග සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කර ඇති බවය.






















