Wednesday, November 11, 2026
HomeNEWSඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවම සුදුසුකම්

ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවම සුදුසුකම්

ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවම සුදුසුකම් ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.
 
“ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය” මෙරට උද්ගාමී ඛනිජ තෙල් කර්මාන්තය‍ට සම්බන්ධ සියලු නියාමන කර්තව්‍යයන් ඉටුකිරීම සඳහා පිහිටුවා ඇත.

ඒ සඳහා පත් කරනු ලබන අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට අවශ්‍ය අවම සුදුසුකම් බලශක්ති අමාත්‍යවරයා විසින් එලෙස ගැසට් කර තිබේ.

බලශක්ති අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉකුත් 06වනදා ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ 2021 අංක 21 දරණ ඛනිජ තෙල් සම්පත් පනත යටතේ මෙම අධිකාරිය පිහිටවනු ලබයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නිල බලයෙන් පත් වන සාමාජිකයන් හැර තවත් සිව්දෙනෙකු බලශක්ති අමාත්‍යවරයා විසින් පත් කරනු ඇත.

ඔවුන් නීති, මුදල්, භූ විද්‍යා, ඛනිජ තෙල් කර්මාන්තය, කළමනාකරණය හෝ ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍රවල ප්‍රවීණයන් වියයුතුය.

ඔවුන්‍ට තිබිය යුතු අවම සුදුසුකම් ඇමතිවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කළ යුතුය.

ඒ අනුව අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් එකී අවම සුදුසුකම් සපුරා ඇති බවට තහවුරු කරගෙන අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිය යුතු බවට විධිවිධාන ඛනිජ තෙල් සම්පත් පනතට එක් කර ඇත. 

එවැනි විධිවිධානයක් ශ්‍රී ලංකාවේ පනතකට එක් කළ පළමු අවස්ථාව ද මෙය බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img