ගණිකා නිවාස දෙකක් වටලයි
තංගල්ල ප්රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවස දෙකක් වටලා එහි සිටි කාන්තාවන් 8 දෙනෙකු හා එහි කළමණාකරු අත්අඩංගුවට ගෙන ඇත.
තංගල්ල පොලීසියට ලද තොතුරක් මත පොලිස් උපාය දූතයෙකු යොදාගෙන සිදුකළ වැටලීමකදී එම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවරුදු 30ත් 40ත් අතර කාන්තාවන් සිටි බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















