Sunday, November 15, 2026
HomeNEWSLatest Newsගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කරයි

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කරයි

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කරයි

යල මහ කන්න දෙකම වගා කළ හැකි පරිදි වයඹ පළාතේ ගොවිබිම් හෙක්ටයාර් 12500ක් පෝෂණය කෙරෙන වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.08.22 දින උපදෙස් ලබා දුන්නේය.

මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ 2014 වර්ෂයේ ආරම්භ කිරීමට යෙදුණු මෙම ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩු සමයේ නවතා දමා තිබිණි.

කුරුණෑගල මොරගොල්ලාගම, සියඹලන්ගමුව වැව් තාවුල්ලේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින  පැවැති ජනතා හමුවේදී යෝජිත වයඹ පළාත් ඇල ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති වාර්තාව, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අශෝක පෙරේරා මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වන ලදී. ඊට සමගාමීව සියඹලන්ගමුව සපිරි ධීවර සමිතියේ ජනතාව අග්‍රාමාත්‍යවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කළහ.

වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය ඔස්සේ ප්‍රදේශයේ කුඩා වැව් 350ක් සහ මහ වැව් 8ක් පෝෂණය කිරීමට නියමිතව ඇති අතර, හක්වටුණා ජලාශය යටතේ හෙක්ටයාර් 2500ක්, මී ඔය ජලාධාර පද්ධතියේ හෙක්ටයාර් 3500ක් ඇතුළුව මුළු ගොවිබිම් හෙක්ටයාර් 12500ක් අස්වැද්දීමට නියමිතය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීම ඔස්සේ මෙතෙක් මහ කන්නයට පමණක් සීමා වී තිබූ වගා කටයුතු යල මහ කන්න දෙකම වගා කළ හැකි පරිදි ජලය බෙදා හැරීම සිදුවේ. උග්‍ර පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දීමෙන් වකුගඩු ගැටලුවට පිළියමක් ලැබීම, නව රැකියා උත්පාදනය, අලි-මිනිස් ගැටුම අවම කිරීම ඇතුළු ව්‍යාපෘති වාසි රැසක් මෙම වයඹ පළාත් ඇල ව්‍යාපෘතියට ඇතුළත්ය.

මෙම අවස්ථාවට හිරියාගල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක තිහව ගස්සන් දළුපොත හා නාගොල්ල රජමහාවිහාරවල උභය විහාරාධිපති ගනේගොඩ රතනජෝති නාහිමි, මැදගොඩ අභයතිස්ස නාහිමි ඇතුළු මහා සංඝරත්නය, වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා, පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි අසංග නවරත්න මහතා, උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති එස්.එම් රංජිත් මහතා, ප්‍රාදේශිය දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img