ග්රෑන්ඩ්පාස් නිවාස සංකීර්ණයක වැටලීමකින් පුද්ගලයින් 61ක් අත්අඩංගුවට
පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව ඊයේ (14) රාත්රියේ ග්රෑන්ඩ්පාස් මුවදොර උයන නිවාස සංකීර්ණයේ විශේෂ වැටලීමක් සිදුකර තිබේ.
එහිදී නිවාස 870ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර සැකකරුවන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් ග්රෑම් 39ක් ගංජා ග්රෑම් 85ක් සහ මත්පෙති 07ක් මෙම සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ.
මේ අතර නාත්තණ්ඩිය වහලපිටිය ප්රදේශයේ රහසිගතව පවත්වාගෙන කෘතිම රා නිෂ්පාදනාගාරයක් වලාන දූෂණ මර්ධන ප්රහාරක ඒකකය විසින් වටලා ගෝඩා ලීටර 2800ක් සිය භාරයට ගෙන තිබේ.
එම ඒකකයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී හේමාල් ප්රශාන්ත මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ අතර එහිදී පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් හම්බේගමුව, අරඹෙගම උණකන්ද ඝන කැලෑව තුළ පවත්වාගෙන ගිය ගංජා හේන් 03ක් වටලා පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.






















