Sunday, November 15, 2026
HomeNEWSLatest Newsබන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට අවසර

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට අවසර

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට අවසර

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද (15) සිට යළි අවස්ථාව සැලසෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් සතියකට එක් වතාවක් පමණක් මෙලෙස රැඳවියන් බැලීමට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියත් සමග බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව තාවකාලිකව නවතා දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

ඒ අනුව, පසුගිය සඳුදා දිනයේ දී සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අද දිනයේ සිට බන්ධනාගාර රැඳවියන් බැලීමට ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට අවස්ථාව සලසාදීමට තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සදහන් කළේය.

මේ අතර, සැකකරුවෙකුගේ ලේ ඥාතියෙකු මිය ගියහොත් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට යාමට ද අද සිට අවස්ථාව සැලසෙන බව ඒ මහතා පැවසීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img