Sunday, November 15, 2026
HomeNEWSCOVID-19ශ්‍රී ලාංකිකයින් 300කට වැඩි පිරිසක් රැගෙන එයි

ශ්‍රී ලාංකිකයින් 300කට වැඩි පිරිසක් රැගෙන එයි

ශ්‍රී ලාංකිකයින් 300කට වැඩි පිරිසක් රැගෙන එයි

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් රටවල් අතරමංව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 300 කට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇත.

ඔවුන් අද (15) අළුයම ඩුබායි, කටාර්, මුම්බායි හා ලෙබනන් සිට දිවයිනට පැමිණ ඇති බව “අද දෙරණ” ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව, අද උදෑසන 07.30 ට පමණ ලෙබනන් බේරූට් හි සිට යූ.එල්. 1506 දරන විශේෂ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයින් 245 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

මීට අමතරව, අබුඩාබි, දෝහා කටාර් හි සිට ශ්‍රී ලාංකිකයින් 51 දෙනෙකු කටාර් සහ ඉටිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානා මගින් දිවයිනට පැමිණ ඇති බව සදහන් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 1042 දරන ගුවන් යානයෙන් ශ්‍රීලාංකිකයින් 13 දෙනෙකු අද අළුයම මුම්බායි හි සිට දිවයිනට පැමිණ ඇත.

මෙලෙස දිවයිනට පැමිණි සියලු ශ්‍රී ලාංකිකයින් පී.සී. ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

මේ අතර, යුද හමුදාව මගින් ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 160 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව, මේ වන විට නිරෝධායනය අවසන් කළ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 30,274 ක් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

කෙසේවෙතත් තවත් පුද්ගලයින් 4689 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 41 ක් තුළ නිරෝධායනය වෙමින් සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img