ගාල්ලේ ප්‍රථම ප්‍රතිඵලය ඉක්මනට දෙනවා – තේරීම්භාර නිලධාරී
පෙරවරු 11 හෝ 12 වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ එක් ආසනයක හෝ ඡන්ද ප්‍රතිඵලය ලබා දීමට අපේක්ෂා කරන බව ගාල්ල තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
“අද දෙරණ” සමග අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ සැලසුම්කර තිබු ආකාරයටම ඡන්ද මධ්‍යස්ථාන 161 දී ඡන්දය ගණන් කිරීම ආරම්භ කළ බවය.
තැපැල් ඡන්ද ගණන් කිරීම දිස්ත්‍රික් ලේකම් කර්යාලයේ ස්ථාන 25කදී සිදුවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.






















