යුද්ධය නිමා කොට වසර 13ක් සපිරෙන අද දිනයේ ගාලුමුවදොර වෙරළ තිරය ආසන්නයේ විශේෂ සැමරුමක් පැවැත්වුණි.
ගාලුමුවදොර අරගල භූමියට එක්වූ පිරිසක් මෙම සැමරුම සංවිධානය කර තිබුණි.
යුද්ධය අවසන් අදියරේදී මියගිය සිවිල් වැසියන් සිහිපත් කරමින් පහනක් දැල්වීම එහිදී සිදු කළේය.
අද පස්වරුවේත් අරගල භූමියේ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් යුධ සැමරුමක් පැවැත්වුණි.
ගාලුමුවදොර රණවිරු ගම්මානයේ ඉදිකළ විශේෂ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම එහිදී සිදු කෙරුණි.
මේ අතර ගෝල් ෆේස් ඉන්ඩිපෙන්ඩන්ස් ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවල් නමින් අරගලකරුවන්ගේ සිනමා නිර්මාණ ඉදිරිපත් කළ හැකි කෙටි චිත්රපට උළෙලක් අරගල භූමියේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.






















