Friday, April 17, 2026
HomeNEWSගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන ගිය සමාජ ක්‍රියාකාරිනී ග්‍රේටා ඊශ්‍රායලයෙන් පිටුවහල් කෙරේ.

ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන ගිය සමාජ ක්‍රියාකාරිනී ග්‍රේටා ඊශ්‍රායලයෙන් පිටුවහල් කෙරේ.

ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යමින් තිබූ නෞකාවක් ඊශ්‍රායල ග්‍රහණයට ගැනීමෙන් පසු එහි සිටි ප්‍රසිද්ධ දේශගුණික විපර්යාස පිළිබඳ සමාජ ක්‍රියාකාරිනියක වූ ග්‍රේටා තුන්බර්ග් ඇතුළු දෙදෙනෙකු සහ මාධ්‍යවේදියෙකු පිටුවහල් කිරීමට ඊශ්‍රායලට පියවර ගෙන තිබේ.ග්‍රේටා තුන්බර්ග් ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරීන්, යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ මාධ්‍යවේදීන් ඇතුළු 12 දෙනෙකුගේ කණ්ඩායමක් ගාසා තීරයට මානුෂිය ආධාර රැගෙන ඊයේ (09) ඉතාලියේ සිසිලියා දූපතේ සිට ගමන් ආරම්භ කර තිබුණි.පසුව එම ඊශ්‍රායල බලධාරීන් විසින් අදාළ නෞකාව ඊශ්‍රායල වෙරළට රැගෙන ගිය බවත් පසුව මාධ්‍ය වාර්තා පළ විය.කෙසේ වෙතත් පසුව තුන්බර්ග් ඇතුළු කිහිප දෙනෙකු පිටුවහල් කිරීමට එකඟ වී ඇති අතර අනෙක් ක්‍රියාකාරීන් පිරිස පිටුවහල් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එම පිරිසගේ නඩු විභාගය ඊශ්‍රායල අධිකරණය විසින් විභාග කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.මේ අනුව ග්‍රේටා තුන්බර්ග් ඇතුළු දෙදෙනෙකු සහ මාධ්‍යවේදියෙකු පිටුවහල් කිරීමට එකඟ වී ඇති අතර ඔවුන් ස්වීඩනය බලා පිටුවහල් කිරීමට ඊශ්‍රායල බලධාරීන් පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img