Thursday, July 23, 2026
HomeNEWSLatest Newsගැටුමට හේතු වූ කරුණු සොයන්න කමිටුව අදත් මහරට

ගැටුමට හේතු වූ කරුණු සොයන්න කමිටුව අදත් මහරට

ගැටුමට හේතු වූ කරුණු සොයන්න කමිටුව අදත් මහරට

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාවක් එළඹෙන සඳුදා විෂයභාර අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා වෙත භාරදීමට නියමිතව තිබේ.

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණි.

එම කමිටුව ඊයේ දිනයේදී පළමුවරට මහර බන්ධනාගාර පරිශ්‍රයට ගොස් සාක්ෂි සටහන් කරගනු ලැබීය.

ඊයේ දිනයේදී රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර අද (04) දිනයේ ද එම කණ්ඩායම මහර බන්ධනාගාර පරිශ්‍රය වෙත යෑමට නියමිතය.

අද දිනයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ දඬුවම් ලබාසිටින රැඳවින්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බව එම කමිටුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ අනුව එළඹෙන සඳුදා දිනයේදී අතුරු වාර්තාවක් අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිත බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ කාර්යභාරය වෙයි.

ඊට අමතරව ගත යුතු කෙටිකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍ය අලි ශබ්රි මහතා උපදෙස් ලබාදී තිබේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමති විජිත හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්

මැනිලා නුවර පැවැති 33 වන ආසියානු කලාපීය සංසදයේ (ARF) අතුරු සම්මේලනය අතරතුර, ජූලි 26 වන දින විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමරිකානු රාජ්‍ය...

ලෝක තෙල් මිල අදත් (23) ඉහළට

ලෝක තෙල් මිල අදත් (23) ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇ:ඩො:98 ඉක්මවයි. WTI බොරතෙල් ඇ:ඩො:90 සීමාව පසු කරයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img