අද කාලගුණය
ඉදිරි පැය කිහිපය තුළ “බුරවී” සුළිකුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ. සුළිකුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.






















