Thursday, July 23, 2026
HomeNEWSබුරවි සුළි කුණාටුවේ අලුත්ම තත්ත්වය

බුරවි සුළි කුණාටුවේ අලුත්ම තත්ත්වය

“බුරවි“ සුළි කුණාටුව මේ වන විට මන්නාරම සහ පූනරින් අතර වෙරළට ආසන්නයෙන් පවතින අතර එය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ සමග ඉදිරි පැය කිහිපය තුළ සුළිකුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ.

සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 70 – 80 පමණ වන අතර, විටින් විට පැ.කි.මී 90 දක්වා වැඩි විය හැකිය.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී 100 -150 ක පමණ තද වැසි ඇති විය හැකිය.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර සිටියේ, ඇති වු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 100ක් පමණ අර්ධ හානි සිදුව ඇති බවය.

“ඊයේ රාත්‍රියේ පටන් ආපදා දිස්ත්‍රික් කළමනාකරණ ඒකකය අඛණ්ඩව පැය 24 පුරා විශේෂ මෙහෙයුම් රැසක් දියත් කළා. ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු සියලුම කණ්ඩායම් ඒ සඳහා උපරිම සහය දැක්වුවා. දිස්ත්‍රික් ලේකම්තුමන්ලා, ප්‍රාදේශිය ලේකම්තුමන්ලා, සියලුම රාජ්‍ය යාන්ත්‍රණයන් මේ සඳහා සහයෝගය ලබාදුන්නා. අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හැටියට අවශ්‍ය දැනුවත් කිරීමේ මෙහෙයුම් සහ අවශ්‍ය වුවහොත් ඉවත් කිරීම් සඳහා දායකත්වය ලබා දීලා තිබෙනවා. නිවාස 100කට වැඩි ගණනක් අර්ධ හානි වාර්තා වුණා. ආපදාවක්වීමට පෙර 1000කට අධික පිරිසක් තාවකාලිකව ඉවත් කිරීම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක හරහා සිදුකරනු ලැබුවා. ආපදා කළමනාකරණ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත ඒ අවශ්‍ය පරිදි මුල්‍ය ප්‍රතිපාදන පෙර සුදානම ලෙස යොදවා තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඇති වු මෙම සුළි කුණාටු තත්ත්වය නිසා බලපෑ අහිතකර බලපෑම් මෙවන විට බොහෝදුරට පාලනය වෙලා තියෙනවා.“

මේ අතර, ජනතාවට අවශ්‍ය දැනුවත් කිරීම් සඳහා අඛණ්ඩ සේවාවන් සැලසීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හදිසි ‍මෙහෙයුම් ඒකකය සුදානමින් සිටී.

එය ඇමතුම් අංකය 117 යන දුරකථන අංකයෙන් පැය 24 පුරා ක්‍රියාත්මකව පවතී.

කාලගුණ වාර්තාව අනුව නැවත දැනුම්දෙන තුරු ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසත් ධීවරයන්ගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමති විජිත හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්

මැනිලා නුවර පැවැති 33 වන ආසියානු කලාපීය සංසදයේ (ARF) අතුරු සම්මේලනය අතරතුර, ජූලි 26 වන දින විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමරිකානු රාජ්‍ය...

ලෝක තෙල් මිල අදත් (23) ඉහළට

ලෝක තෙල් මිල අදත් (23) ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇ:ඩො:98 ඉක්මවයි. WTI බොරතෙල් ඇ:ඩො:90 සීමාව පසු කරයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img