Thursday, July 23, 2026
HomeNEWSනිරීක්ෂණ කමිටුව මහර බන්ධනාගාරයට යයි

නිරීක්ෂණ කමිටුව මහර බන්ධනාගාරයට යයි

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුව මේ වන විට බන්ධනාගාරයට ගොස් සාක්ෂි සටහන් කර ගනිමින් සිටී.

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් කමිටුවක් පත්කළේය.

එහි සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන මහත්මිය පත්කරනු ලැබීය.

මීට අමතරව ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර එහි සෙසු සාමාජිකයින් වේ.

ඒ අනුව බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ කාර්යභාරයයි.

ඊට අමතරව සතියක් ඇතුළත කෙටිකාලීනව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මේ සම්බන්ධයෙන් පසුගියදා අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (03) දිනයේ මෙලෙස පිළිතුරු ලබාදුන්නේය.

“කමිටුවට අපි කියලා තියෙනවා මාසයකින් අපිට සම්පූර්ණ වාර්තාවක් දෙන්න කියලා. ප්‍රායෝගික හැකි නම් සතියකින් මට අතුරුවාර්තාවක් ලබා දෙන්න වහාම ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. මට ලැබී ඇති තොරතුරු අනුව එම කමිටුවේ සාමාජිකයින් මහර බන්ධනාගාරය නිරීක්ෂණය කිරීම සඳහා යාමට නියමිතයි. ඊයේ දවසේ අපි පොලීසිය සහ ආරක්ෂක අංශ සම්බන්ධ වෙලා දැනටමත් මේකට සම්බන්ධ වෙලා ඉන්න අයව නිදහස් කිරීමේ දී ඇප මත ඔවුන්ව සමාජගත කිරීම සඳහා ක්‍රමවේදයක් සාකච්ඡා කරගෙන තිබෙනවා. අද කොවිඩ් මධ්‍යස්ථානයේ පවත්වන සාකච්ඡාවේ දී ඒ පිළිබඳව කථා කිරීමට නියමිතව ඉන්නවා. ඒ වගේම ඇප ලබාදීලා ඇප කොන්දේසි සපුරා ගන්න බැරුව ඉන්න අයට ඒ ඇප කොන්දේසි සපුරා ගැනීම සඳහා කාලයක් ලබා දීමට කටයුතු කරමින් ඉන්නවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img