Thursday, July 23, 2026
HomeNEWSබුරවි - පුද්ගලයෙක් අතුරුදන්

බුරවි – පුද්ගලයෙක් අතුරුදන්

”බුරවී” සුළි කුණාටුව හේතුවෙන් යාපනය සංගානි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය අයෙකි.

ඊයේ (02) රාත්‍රියේ ගොඩබිමට ඇතුළුවුණු සුළි කුණාටුව අද (03) දහවල් වන විට දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

නිරිත දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ”බුරවී” සුළි කුණාටුවේ කේන්ද්‍රය ඊයේ රාත්‍රි 10.30ත් 11.30ත් අතර කාලයේ දී මෙරට ඊසාන දිග වෙරළේ තිරියායි සහ කුච්චවේලී අතරින් ගොඩබිමට ඇතුළු විය.

සුළි කුණාටුව දිවයිනට ළගාවීමත් සමඟ ප්‍රදේශ රැසක වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් ඊයේ රාත්‍රියේ පැවතුණි.

ගතවූ පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තාවුණේ කිළිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායන් ප්‍රදේශයෙනි.

එය එය මිලිමීටර් 279.8 අගයකි.

මුලතිව්  මිලිමීටර් 224 ක්, ඔඩ්ඩුසුඩාන් මිලිමීටර් 202ක්, පදවි සිරිපුර මිලිමීටර් 199ක්, උඩයර්කට්ටු මිලිමීටර් 190ක් හා වැලිඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 186ක් ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම පැවති සුළං තත්ත්වයත් සමග ගස් කඩා වැටීම් සහ දේපල හානි කිහිපයක් ද වාර්තාවිය.

සුළි කුණාටුව දිවයිනට ඇතුළුවීමත් සමඟ විශාල ප්‍රමාණයේ හානි වාර්තා නොවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ වවුනියාව,මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල මාර්ගවලට ගස් කඩාවැටීම් සිදුව තිබේ.

යාපනය, කාරේනගර් ප්‍රදේශයේ මාර්ගය හරහා ජලය පැමිණ තිබු අයුරු “අද දෙරණ“ කැමරාවේ මෙලෙස සනිටුහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img