Thursday, July 23, 2026
HomeNEWSමාතලේ නගරාධිපති ධූරයෙන් ඉවත් කෙරේ

මාතලේ නගරාධිපති ධූරයෙන් ඉවත් කෙරේ

මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා සිය ධූරයෙන් ඉවත් කර තිබේ.

ඒ බව ගැසට් නිවේදනයක් මඟින් ඊයේ (02) නිකුත් කර තිබුණි.

ඩල්ජිත් අලුවිහාරේ මහතාට එරෙහිව ඉදිරිපත් ව තිබු චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ වාර්තාව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් පසුගිය 24දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වෙත භාර දී තිබුණි.

ඒ අනුව අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු මත පදනම්ව මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා සිය ධූරයේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටු කිරීමේදී මහනගර සභා ආඥාපනතේ (252 අධිකාරිය) 277(I)(අ), (ඇ), (ඈ) සහ (ඉ) වගන්තිවල සඳහන් වැරදි සිදුකර ඇති බවට සාක්ෂි පවතින බැවින්, මහනගර සභා ආඥා පනත යටතේ ධූරයෙන් මෙලෙස ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ගැසට් නිවේදනය මඟින් දන්වා තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img