Friday, September 11, 2026
HomeNEWSගුරු සේවයට බඳවාගැනීමේ විභාගය කල්යයි

ගුරු සේවයට බඳවාගැනීමේ විභාගය කල්යයි

ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනිමේ තරග විභාගය කල් දමා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ එම තරග විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත එදිනට නොපැවැත්වෙන බවය. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මත විභාගය පැවැත්වෙන දිනය ප්‍රසිද්ධ කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂයට අදාළ තෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි.

 අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව 2023 වර්ෂයේ නව පාසල් වාරය ලබන 27වන සඳුදා ආරම්භ වන බවය.

2022 පාසල් වර්ෂයේ තෙවන පාසල් වාරය අදියර 3ක් යටතේ පසුගිය දෙසැම්බර් මස 5වන දා සිට ක්‍රියාත්මක කෙරුණි.

මේ අතර අප්‍රේල් මස 5වන දා සිට 16 වන දා දක්වා රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සදහා නිවාඩු ලබාදීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img