Sunday, November 15, 2026
HomeNEWSLatest Newsගුවන්තොටුපළ බලධාරීන් ගත් තීරණ කිහිපයක්

ගුවන්තොටුපළ බලධාරීන් ගත් තීරණ කිහිපයක්

ගුවන්තොටුපළ බලධාරීන් ගත් තීරණ කිහිපයක්

විදෙස්ගත වීමකදී ගුවන් මගියා සමග තවත් 5 දෙනෙකුට ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තය දක්වා ගමන් කිරීමට ලබාදී තිබූ අවස්ථාව අද (04) සිට යළි සීමාකර තිබේ.

ඒ අනුව විදෙස්ගත වීම් සඳහා පැමිණෙන ගුවන් මගියා පමණක් ගුවන්තොටුපළ පරිශ්‍රයට ඇතුළුවීය යුතු බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම තීරණය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වන බවය.

එමෙන්ම කොවිඩ් වසංගතයට මැදිවී සිට පසුගිය දිනවලදී දිවයිනට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ අයට ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඇති තීරුබදු රහිත සාප්පු සංකීර්ණවලින් භාණ්ඩ මිලදී ගැනීමට ලබාදී තිබූ අවස්ථාව අද දහවල් සිට නවතා දැමුණි.

එම තීරණයත් නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img