Sunday, November 15, 2026
HomeNEWSLatest Newsගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර

ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර

ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර
සවි කීරීමට තීරණය කෙරේ. මේ සදහා වහා අවශ්‍ය පියවර ගන්න යැයි
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ බළධාරීන්ට
උපදෙස් දුන්නේය.
භාණ්ඩ අපනයනය විධිමත් කිරීම හා අපනයනකරුවන් මුහුනදෙන
ගැටළු වලට විසදුම් ලබා දීම සදහා පැවති සාතච්ඡාවක දී ඇමතිවරයා
මෙම උපදෙස් ලබා දුන්නේය. සංචාරක අමාත්‍යාංශයේ දී (04) මෙම
සාකච්ඡාව පැවැත්විණි. රාජ්‍ය ඇමති ඩි.වි.චානක මහතා සමග
අපනයනකරුවන්, ගුවන් හමුදා බලධාරීන් හා ගුවන් තොටුපළ බළධාරීහු
මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
අපනයනකරුවන් මෙහි දී පෙන්වා දුන්නේ කටුනායක ගුවන්තොටුපළට
පිවිසෙන විට භාණ්ඩ පරීක්ෂාව ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට නම්
එහි ස්කෑනරු යන්ත්‍ර සවි කරළ යුතු බවයි. අධි ශීත භාණ්ඩ පැය
ගණනකට පෙර ගෙන ඒම හේතුවෙන් භාණ්ඩ වල ගුණාත්මකභාවයට
හානි සිදු වන බව ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ. එමෙන්ම මෙම
පරීක්ෂණ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් තමන්ට විශාල ලෙස

පාඩු සිදුවන බව ද අපනයනකරුවෝ මෙහි දී ඇමතිවරයාට පැමිණිලි
කළහ.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී ගුවන් තොටුපළ හා ගුවන්
සේවා සමාගමේ සභාපතිවරයාට උපදෙස් දුන්නේ ශ්‍රී ලංකා රේගුව,
ගුවන් හමුදාව, ගුවන් සමාගම් හා අපනයනකරුවන් අතර වට මේස
සාකච්ඡාවක් කැදවා වහාම මෙම ගැටළු වලට විසදුම් ලබාදෙන ලෙසය.
දැනට ගුවන් මගින් භාණ්ඩ අපනයනයට පෙර ස්ථාන දෙකක දී
පරීක්ෂාවට ලක්වේ. ඒ ගුවන් තොටුපළට ප්‍රවේශ වන ස්ථානයේ දි හා
ගුවන් තොටුපළට භාණ්ඩ පැටවීමට පෙරයි. මෙම ස්ථාන දෙකට අවශ්‍ය
නිළධාරීන් යොදවා එහි කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය පියවර
ගන්නා ලෙසද ඇමතිවරයා මෙහි දී අදාළ අංශ වලට උපදෙස් දුන්නේය.
පසුගිය වසරේ දී කටුනායක ගුවන් තොටුපළ මගින් මෙට්‍රික් ටොන්
දෙලක්ෂහැටඑක්දහසක ගුවන් භාණ්ඩ මෙහෙයුම් සිදු කර තිබේ. ඉන්
මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක්ම අපනයන භාණ්ඩ මෙහෙයුම් වේ.
භාණ්ඩ මෙට්‍රික් ටොන් හැටදහසක් ආනයනය කර ඇති අතර භාණ්ඩ
හුවමාරු මෙහෙයුම් සිදු ව ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන්
හැත්තෑපන්දහසක් පමණක් වේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග ගුවන් තොටුපළ මගින්
මෙහෙයුම් නතර කෙරුණ ද භාණ්ඩ අපනයනය හා ආනයන මෙහෙයුම්
ඉතා කඩිනමින් ආරම්භ කෙරිණ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා
පෙන්වා දුන්නේ පසුගිය කොවිඩ් වසංගත කාලය තුළ ද අපනයන
ආදායම ඩොලර් බිලියනය ඉක්ම වූ බවයි. 2019 ජුලි මාසය හා සැසදීමේ
දී පසුගිය ජුලි මාසයේ දි මෙරට භාණ්ඩ අපනයන ආදායම 11.31% ක
වර්ධනයක් ලබා ඇත. ඇමතිවරයා මෙහි දී අවධාරණය කළේ මෙම
වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීම බවයි. ඒ සදහා
රජය අවශ්‍ය පහසුකම් තවදුරටත් දියුණු කරන බව ද ඇමතිවරයා
මෙහි දී අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img