Sunday, November 15, 2026
HomeNEWSLatest Newsගොවින් සහ වනජීවි දෙපාර්තමේන්තුවේ ඝට්ටනය අවසන් කළ යුතුයි.

ගොවින් සහ වනජීවි දෙපාර්තමේන්තුවේ ඝට්ටනය අවසන් කළ යුතුයි.

ගොවින් සහ වනජීවි දෙපාර්තමේන්තුවේ ඝට්ටනය අවසන් කළ යුතුයි.                                              

                                        – නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

ගොවි ජනතාව සහ වනජීවි දෙපාර්තමේන්තුව අතර දීර්ඝ කාලයක පටන් එන ඝට්ටනය ඉතා කඩිනමින් අවසන් කිරීමට කාලය එළඹ ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

මෙම ගැටුම නිසා ගොවින්ට සිය කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව ආණ්ඩුකාරවරිය කීවාය. මෙම ඝට්ටනයේ ප්‍රතිඵලය බලපාන්නේ මුළු මහත් රටටම බවද ආණ්ඩුකාරවරිය කිවාය.

ලාහුගල හුලංනුගේ තරුලෙන්ගල රජමහා විහාරයේ පැවති ගොවි හමුව අමතමින් පසුගියදා ඇය මේ බව කියා සිටියාය.

“සතුන්ට ජිවත් වෙන්න පුළුවන් පරිසරය අවශ්‍යයි. ඒ වගේම වනාන්තර ආරක්ෂාවීමත් ඉතාම අවශ්‍යයි මේ සියල්ලටම වඩා ගොවි ජනතාවට කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට නිදහස අවශ්‍යයි. මම මේ පළාතට ආවට පස්සේ විවධ ප්‍රදේශවල ගොවි ජනතාව හමුවුණා. ඒ අයගේ ලොකුම චෝදනාව තමන් වගා කරපු කෘෂිකර්ම ඉඩම වටලා අලි වටක් ගහපු එක. මම යන හැමතැනම ගොවින් මට කිව්වේ තමන් දිර්ඝ කාලයක වගා කරපු ඉඩම් වලට වනජිවි එක දැන් ඇතුල් වෙන්න දෙන්නේ නෑ කියලා. මේ අයට විසදුමක් දෙන්න ඕනේ ඒ අය ගොවිතැන්බත් කරලා එන ආදායමෙන් ජීවත්වෙන්නේ ඒත් දැන් ඒ ආදායම නැති වෙලා. ඒ නිසා ගොවින් සහ වනජීවි මේ ඝට්ටනය අපි විසදා ගන්න ඕනේ. මේකෙන් අදහස් වෙන්නේ නෑ බලහත්කාරකමෙන් ඉඩම් අල්ලා ගන්නවා කියලා. අපේ පළාතේ තවත් තියෙන ප්‍රශ්ණයක් තමයි බලෙන් ඉඩම් අල්ලා ගන්න එක. පසුගිය වසර 5 තුළ මේවා හොයල බලලා නවත්තන්න පුළුවන් ආණ්ඩුවක් තිබ්බේ නෑ. ඒ නිසා නිළධාරිනුත් අඩපණ වුණා එය වැඩිකල් නොගොස් නිවැරදි විය යුතුයි. දැන් අපට කොන්ද පණ තියන් වැඩ කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවා. මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළේ අපේ වල්වැදිල තිබුණ පාලන ක්‍රමය නැති කරන්න. එතුමත් එක්ක එකතු වෙලා අපි අපේ රට ගොඩනගමු යැයිද” ආණ්ඩුකාරවරිය කිවාය.

මේ අවස්ථාවට පළාත් මාර්ගස්ථමගී ප්‍රවාහන අධිකාරියේ සභාපති චාමර නිලංග, ලාහුගල ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුනිල් බණ්ඩාර ද එක්ව සිටියහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img