Saturday, November 14, 2026
HomeNEWSගොවි පවුල් 40,000ක් අසරණ වී සිටින උඩවලවේ ජල ගැටළුව විසඳීමට ආණ්ඩුව වහාම...

ගොවි පවුල් 40,000ක් අසරණ වී සිටින උඩවලවේ ජල ගැටළුව විසඳීමට ආණ්ඩුව වහාම මැදිහත් විය යුතුයි – නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ.

ගොවි පවුල් 40,000ක් අසරණ වී සිටින උඩවලවේ ජල ගැටළුව විසඳීමට ආණ්ඩුව වහාම මැදිහත් විය යුතුයි – නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා

උඩවලව ජලාශය සහ චන්ද්‍රිකා වැවෙන් ජලය ගොවි ජනතාවට නොලැබීම නිසා මොණරාගල, හම්බන්තොට, රත්නපුර දිස්ත්‍රික්කවල ‍ගොවි පවුල් 40,000ක් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති නිසා මේ ගැන ආණ්ඩුව කඩිනමින් අවධානය ‍යොමු කර මෙම ජල ගැටළුව විසඳීමට පියවර ගත යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මෙම ජල ගැටළුව සඳහා මේ දක්වා ආණ්ඩුව මැදිහත් වී තිබෙන ආකාරය ගැන සතුටු විය නොහැකි බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (03) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිණි.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා.
“විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයත් මොණරාගල දිස්ත්‍රික්කයත් මායිම්ව පිහිටි උඩවලව ජලාශයේ ජලය සම්බන්ධ වන ගොවි සංවිධාන වල ජීවත්වන පුද්ගලයෙක් මම. ඒ නිසා මේ දවස්වල අපේ බල ප්‍රදේශයේ ජනතාවට උඩවලවේ වතුර නොලැබීම නිසා ඉතාමත් පීඩාවට ලක් වෙනවා. මෙය නිවැරදි කරන්න හැම උත්සාහයක්ම ගත්තා පසුගිය දවස් කීපයේ. නමුත් ඒකට ලැබුණු ප්‍රතිචාර අපට සෑහීමකට පත් වෙන්න බැහැ.
ගොවි බල ප්‍රදේශ‍යක ජීවත්වන පුද්ගලයෙක් හැටියට අපේ රජයෙන් මැදිහත් වෙච්ච ප්‍රවේශය අපේ හිත සතුටු දායක විදිහට නෙවෙයි වෙලා තියෙන්නේ. මට මතකයි මුල් කාලයේ දී තීන්දු තීරණ ගත්තේ මීට වඩා වෙනස් විදහට. ඒ වෙලාවෙ අපි හැමෝම එකතු වෙලා විශේෂයෙන් දිස්ත්‍රික්ක තුනේ නියෝජිතයින් මේ සියලු නිලධාරීන් සමග අපි එකඟතාවයකට ඇවිල්ලා ඒ එකඟතාවය ගොවීන් එක්ක බෙදාගෙන තමයි අපි ගොවීන් එක්ක තීන්දු තීරන ගත්තෙ. නමුත් දැන් මේ මොහොත වෙනකම් ඒ සම්ප්‍රදායන් පාවිච්චි කරලා නැහැ. සමහර නිලධාරීන් දෙන උපදෙස් මත සමහර ඇමතිවරු ඒවට ක්‍රියාත්මක වෙනවා. බොහොම කණගාටුවක් තියෙනවා ජනතාවට මේ වෙලාවේ සාධාරණයක් වුණේ නැහැ කියලා. ඒ නිසා මේ ඉල්ලීම කඩිනමින් ඉටු කරන්න කියලා බලවත්ව ඉල්ලීම මේ අවස්ථාවේ සිදු කරනවා.
පසුගිය දවස්වල කැබිනට් එකේ සමහර මැති ඇමතිවරුන්ගෙන් මෙම ගැටළුව විසඳීමට ලැබුණ සහයෝගය ගැන බොහොම කලකිරීමකට පත් වෙලා ඉන්නේ. මේ වතුර ප්‍රශ්නෙට කැබිනට් එකේ ඉන්න සමහර මැති ඇමතිවරුන්ගේ දායකත්වය ඉතාමත් පහළ මට්ටමක තිබුනෙ. ප්‍රශ්නය විසඳන ආකාරයක් නැහැ කියලා මට වැටහෙනවා. ඒ නිසා පුළුවන් ඉක්මනට කඩිනමින් මේ ගැන සාකච්ජාවක් තියලා මේ ගොවීන්ගේ ප්‍රශ්නය මේ ‍මොහොත වන විට කඩිනමින් විසඳන්න ඕන ප්‍රශ්නයක්.
ඉතාමත් ඉක්මනින් මේක ඉටු කරන්න කියලා තමයි අපේ ඉල්ලීම. ඒ නිසා සමස්ත ගොවීන් වෙනුවෙන් ඒ ගොවි බල ප්‍රදේශය නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට මෙය ඉටු කරන්න තමයි අපේ වගකීම. මේ අවස්ථාවේ අපේ ඉල්ලීම කැබිනට් එකට සම්බන්ධ වන අපේ ඇමතිවරුන්ට පසුගිය දවස්වල මම පෞද්ගලිකවම පැහැදිලි කරලා තියෙනවා. ඉතිහාසයේ සමහර ගත්තු තීන්දු තීරණ තිබුණා. ‍ඒ විදිහට මේ අවස්ථාවේදීත් ක්‍රියාත්මක වෙමු කියලා. ඒත් සිද්ධ වෙලා නැහැ. විකල්ප යොදා ගන්න තිබුණා.
උදාහරණයක් ලෙස වේලි ඔයෙන් බහින වතුර යම් ප්‍රමාණයක් උඩවලවට හරවනවා. ඒ තීන්දුව මීට දින ගණනාවකට පෙර ගත්ත නම් මීට වඩා වැවේ වතුර ප්‍රමාණයක් අපිට එකතු කරගන්න තිබුණා. අන්තිමට ප්‍රශ්නය උග්‍ර වුණාම තමයි ඒ තීන්දුවට එන්නෙ. ප්‍රමාදයන් වල බලපෑම අපේ ගොවි ජනතාවට බලපානවා. හේතුව තමයි සමහර අය හිතන්න පුළුවන් වන්දි ගෙවලා මෙය සමතයකට පත් කරන්න පුළුවන් කියලා. නමුත් වන්දි ගෙව්වා කියලා ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. මොකද මේ ගොවි සංස්කෘතියක්. ඒ නිසා සංස්කෘතියට ගැළපෙන විදිහට අපේ තීන්දු තීරණ වලට වෙනස් වන අයුරින් තමයි තීන්දු අරන් තියෙන්නේ. එයට අපේ බලවත් විරෝධයක් තියෙනවා. ඒ නිසා කඩිනමින් කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
සමනළ වැවෙන් වතුර නැති එකනෙ ප්‍රශ්නෙ. සමනළ වැවේ වතුර තියාගෙන ඉන්නෙ විදුලිය නිපදවන්න කියලා. විදුලිය නිපදවන එකද ගොවීන්ට වතුර දෙන්න තියෙන එක ද ප්‍රමුඛතාවය කියලා හඳුනාගත යුතුයි.
මේ රටේ බත් කන හැම පුරවැසියෙක්ම දන්නවා විදුලිය ද එහෙම නැත්නම් අපට ඕන බත් ද කියලා. විදුලියත් අත්‍යවශ්‍ය තමයි. නමුත් ආහාරවලට ගැටළුවක් නොවන ආකාරයට විදුලි අර්බුදය විසඳා ගත යුතුයි. ඒ වගේම රටේ ජනතාවගේ මුලික අවශ්‍යතාවය ආහාර. මේ වෙලවෙ අපි රටක් හැටියට මේක අපේ සමහර තීන්දු නිසා. මේක කඩා වැටෙනවනම් වන්දිය කොහොම ගෙවන්න ද මේ වගේ දෙයකට වන්දි ගෙවලා එය සමනය කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. මේක සංස්කෘතියක්. ඒක වෙනස් කරන්න බැහැ. ඒක නිසා මේකට ඊට වඩා දායක වෙන්න ඕන.
විදුලි අර්බුදයට විකල්ප තියෙනවා. කඩිනමින් විසඳුම් ලබාදෙන්න පුළුවන්. නමුත් වී ඇටයත් හැදෙන්න මාස 3ක් මාස 3 ½ ක් ගත වෙනවා.
මගේ ඉල්ලීම තමයි විදුලි බල ඇමති ද, කෘෂිකර්ම ඇමති ද, වාරිමාර්ග ඇමතිද ඒ හැමෝම එකතු වෙච්ච මේ නිසා පීඩාවට පත් වෙච්ච මහජන නියෝජිතයින් මුහුණට මුහුණ සාකච්ජාවක් අවශ්‍යයි. එහෙම වුනොත් තමයි විසඳුම් හොයාගන්න පුළුවන්. ඒ සාකච්ජා මේ මොහොතෙත් වෙලා නැහැ. අපිට හුදකලා වෙලා පැත්තකට ‍තල්ලු වෙලා ඉන්න ස්වභාවයක් පේන්නෙ. අපි ආණ්ඩුවක් හැටියට ආණ්ඩුවේ හැම දේටම සහයෝගය දෙනවා. රට කරගෙන යන්න සියලු සහයෝගය දෙනවා. ඊට වඩා එකතුවෙච්ච සහයෝගයක් අපට අවශ්‍යයි. එකතු වෙච්ච සහයෝගය අපිට තවමත් ලැබිලා නැහැ. මෙම කරුණු සියල්ල දෙස අවධානය යොමු කරමින් මෙම ජල ගැටළුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස අදාළ වගකිවයුත්තන්ගෙන් මං ඉල්ලා සිටිනවා” යනුවෙන් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අදාළ ඡායාරූප E-mail සහ WhatsApp මඟින් එවා ඇත.
මෙම ප්‍රවෘත්ති නිවේදනය සඳහා ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු (0779964443)
ගරු නියෝජ්‍ය කථානායකතුමාගේ මාධ්‍ය ලේකම්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විජේවීර සහෝදරයට සම්පූර්ණයෙන්ම පිටුපාලා ජවිපෙ අද ආණ්ඩු කරනවා- දුමින්ද නාගමුව

" දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය " මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37වන ඉල්මහා විරු සමරුව ඊයේ දින ( 2026. 11. 13...

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img