තමන්ගේ චරිතය ඝාතනය නොකරන ලෙසත් තමන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බවත් සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඔහු මෙම අදහස් පළ කළේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවති ජන රැලියකට සහභාගී වෙමිනි. මෙම රැස්වීමටසංගීතය ද සපයා තිබුණු අතර සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ගිටාරය වාදනය කිරීම ද විශේෂත්වයකි. වීඩියෝව සහිතයි.






















