Monday, November 9, 2026
HomeNEWSචීන නාවික ජංගම රෝහල් නෞකාව (Peace Ark) කොළඹ වරායේ සේවාව අරඹයි.

චීන නාවික ජංගම රෝහල් නෞකාව (Peace Ark) කොළඹ වරායේ සේවාව අරඹයි.

චීන නාවික ජංගම රෝහල් නෞකාව (Peace Ark) කොළඹ වරායේ සේවාව අරඹයි.චීන රජයේ සහයෝගීවයෙන් ශ්‍රී ලංකාවේ ජනයාට දියුණු සෞඛය පහසුකම් සැපයීම සඳහා මෙරටට පැමිණි දියුණු පහසුකම් සහිත ජංගම රෝහල සහිත නෞකාවේ සේවාව(නොමිලේ) ලබාදීම අද උදෑසන කොළඹ වරායේ දී ආරම්භ විය. ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක හා වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරු ද මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී වුණ අතර චීන රජයට හා පිරිසට ස්තුතිය මෙන් ම සුභපැතුම් එක්කර එම නවීන පහසුකම් පරීක්ෂා කරමින් අගය කළහ. ලොව පුරා සැරිසරමින් සෞඛ්‍ය සේවාව සපයන මේ නෞකාව අද උදෑසන සිට දෙසැ. 27 දා දක්වා මෙරට සේවාව සපයන්නට සූදානමින් සිටී.CTC Scan, MRI Scan ඇතුළු සියලුම සෞඛ්‍ය පරීක්ෂාවන් ද චීනකටු ප්‍රතිකාර ඇතුළු එරට වෛද්‍ය ක්‍රම ද නොමිලයේ සැපයෙන මෙහි ව්ශේෂත්වය වන්නේ පොරොත්තු ලේඛණයන්ගෙන් තොරව එසැණින් සේවාව ලබාගැනීමට හැකි වීමයි.මේ අගනා සේවාව පිලිබඳ තොරතුරු පොදු ජනයාට සන්නිවේදනය කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කරන ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා එහි දී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළා.මාධ්‍ය අංශය- ප්‍රවාහනඉ හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img