චීන මහජන සමූහාණ්ඩුවේ Hainan Province හි (හයිනෑන් පළාත්) උප ආණ්ඩුකාර Gu Gang මහතා ඇතුළු චීන රාජ තාන්ත්‍රික දූත පිරිසක් සහ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී .ඩබ්ලිව් ගමගේ මැතිතුමා අතර විශේෂ හමුවක් 2023/09/26 දින උදෑසන ගාල්ල ලේ ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙහිදී දකුණු පළාත් සභා අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් RMB ලක්ෂ 02 ක පරිත්‍යාගයක් (රුපියල් ලක්ෂ 90 ක පමණ මුදලක්) ලබා දීමටද Hainan Province හි හයිනෑන් පළාත් උප ආණ්ඩුකාර Gu Gang මැතිතුමන් විසින් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී .ඩබ්ලිව් ගමගේ මැතිතුමා වෙත සිය එකඟතාවය පළ කරන ලදී.
දෙරටේ පළාත් දෙකේ ආයෝජන සහයෝගීතාවය, ආර්ථික සංවර්ධනය වර්ධනය කිරීම අරමුණු කොට ගනිමින් චීනයේ සහ දකුණු පළාතේ නිශ්පාදන චීනය වෙත යැවීම සහ ප්‍රවර්ධනය කරවා ගැනීම අරමුණු කොට ගනිමින් ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධනය සදහා වූ චීන කවුන්සලයේ හයිනෑන් උප ශාඛාව සහ දකුණු පළාතේ කර්මාන්ත හා වානිජ මණ්ඩලය (ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක 03 සභාපතිවරුන් තිදෙනාගේ) ප්‍රධානත්වයෙන් වෙළඳ ගිවිසුමක් ද අත්සන් කිරීම මෙහිදී සිදුවිය.
මෙහිදී දෙරටේ පළාත් දෙක අතර ද්වීපාර්ශවික සහයෝගීතාවය තවදුරත් ශක්තිමත් කරනු වස් සමරු තිලිණ හුවමාරුවක්ද සිදුවිය.
මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කේ.යූ චන්ද්‍රලාල් මහතා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ක්‍රිශාන්ත මහේන්ද්‍ර මහතා ඇතුළු සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ආණ්ඩුකාර සහකාර ලේකම් ජයන්ත මහතා, පරිපාලන නිලධාරීතුමා, නීති නිලධාරීතුමිය ප්‍රමුඛ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන්, ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වානිජ මණ්ඩලයේ ගරු සභාපති හේමන්ත ගමගේ මහතා, මාතර දිස්ත්‍රික් කර්මාන්ත හා වානිජ මණ්ඩලයේ ගරු සභාපති මෙත්තා විදානගමාච්චි මහතා, හම්බන්තොට කර්මාන්ත හා වානිජ මණ්ඩලයේ ගරු සභාපති ශිරාන් මුතුමාල මහතා ඇතුළු කර්මාන්ත හා වානිජ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.






















