ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළට ගුවන් යානා ගොඩබැස්සවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව බලධාරීන් උපුටා ගනිමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අද පස්වරු 6 දක්වා මෙලෙස ගුවන් යානා ගොඩබැස්සවීම තාවකාලිකව අත්හිටුවා ඇත.
කෙසේ වෙතත් චෙන්නායි ගුවන්තොටුපොළෙන් පිටත්වන යානා සඳහා අවසර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.






















