ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව ගැන මැතිවරණ කොමිසමෙන් සහතිකයක්
එක් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් එක් එක් ඡන්ද ප්‍රදේශයන් සඳහා නියෝජිතයින් දෙදෙනෙකු බැගින් අද (05) දින රාත්‍රියේ ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍රයේ රැඳී සිටීමට අවසර දෙන බව මැතිවරණ කොමිසම පවසයි.
එබැවින් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ දී, ඡන්ද පෙට්ටි භාරගන්නා අවස්ථාවේ සිට ඡන්දය ගණන් කිරීම අවසාන වන තෙක් ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු යොදා ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
එසේම මනාප ගණන් කිරීමේ අවස්ථාව නිරීක්ෂණය සඳහා අතිරේක නියෝජිතයින් සංඛ්‍යාවක් යෙදවීමට අවසර දී ඇති බවද එම කොමිසම සඳහන් කරයි.
























