ඡන්ද පොළට ආ අලුත බැඳපු ජෝඩුව
එකිනෙකාගේ මනාපය මත අද යුග දිවියට පිවිසි මනාල යුවලක් තවත් මනාපයක් දීමට ඡන්ද පොළට පැමිණි අයුරු “අද දෙරණ” කැමරාවට සටහන් විය.
ඒ මහියංගනය උල්හිටියාව කණිෂ්ඨ විද්යාලයේදිය.
“පෞද්ගලිකව අද අපි දෙන්නට විශේෂ දවසක්. අද ඒ වගේම රටටත් විශේෂ දවසක්. රටේ හොඳ පාලනයක් කරගෙන යන්න ඉස්සරහාට අපේ කතිරෙත් අපි යොදලයි ආවේ. අපි හිතනවා මෙතනින් එහාට රටේ හොඳ පාලනයක් සිදු වෙයි කියලා.“ යැයි අදහස් දක්වමින් එහිදී මනාලයා පැවසීය.






















