ජනපතිගේ ඉන්දීය සංචාරයෙන් වාසි රැසක් – විදේශ ඇමති විජිත හේරත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ සාර්ථකත්වය ඉවසා ගැනීමට නොහැකි විපක්ෂයේ ඇතැම් බංකොලොත් දේශපාලඥයින් සහ දේශපාලන පක්ෂ බොරු ප්‍රචාර සිදුකිරීමට පටන් ගෙන ඇති බවත් විජිත හේරත් අමාත්‍යවරයා විසින් පසුගිය 20 වැනිදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.ඉන්දියාවේදී අත්සන් කළේ පැහැදිලිවම ගිවිසුම් දෙකයි මෙරට රාජ්‍ය සේවකයින් 1500කට ඉන්දියාවේ සති දෙකක විශේෂ පුහුණුවක් ලබා දීමට අදාළ ගිවිසුම සහ ද්විත්ව බදු ලිහිල් කිරීමේ ගිවිසුමයි. මේ හැරෙන්න වෙන කිසිම ගිවිසුමක් අත්සන් කරලා නැහැ. මීට අමතරව ආර්ථිකයට හා බලශක්තියට බලපාන කරුණු ගණනාවක් සාකච්ඡා කළා පමණයි. ඒවා කිසිවක් ගැන අවසන් එකඟතාවයකට තවමත් ඇවිල්ලා නැහැ. ගරු ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරයෙන් මෙරට ආර්ථිකයට, බලශක්තියට, තොරතුරු තාක්ෂණයට, සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසකට හුඟාක් වාසි අත් වෙනවා යනුවෙන්ද විජිත හේරත් අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.






















