Thursday, November 5, 2026
HomeNEWSජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්.

ජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්.

ජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇත. එසේම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ: දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක...

උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතා නියෝජිතයින් විපක්ෂ නායක සජිත් සමඟ කතා කළේ මොනවාද?

උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී උතුරු, නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාව...

2026 අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවේ

ජලාශවල පවතින ජල මට්ටම් හා වර්ෂාපතනය සැළකිල්ලට ගනිමින් මේ වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img