Friday, May 22, 2026
HomeNEWSජනපතිගේ සංචාරයේදී මාලදිවයින සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයක්

ජනපතිගේ සංචාරයේදී මාලදිවයින සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයක්

මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයිමාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.ජූලි 28 සිට 30 වන දා දක්වා සිදු කෙරෙන රාජ්‍ය සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා – මාලදිවයින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටද නියමිතය. එමෙන්ම, මෙම රාජ්‍ය සංචාරය අතරතුර, ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසද හමුව ඇමතීමට සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද නියමිතය.මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටිති. ජනාධිපති මාධ්‍ය අංශය2025-07-28

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img