Thursday, August 20, 2026
HomeNEWSජනපති මාලදිවයිනට ළඟා වෙයි

ජනපති මාලදිවයිනට ළඟා වෙයි

ජනපති මාලදිවයිනට ළඟා වෙයි මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍ය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය. එහිදී මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ්‍යයේ එරට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය. ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් මාලදිවයිනේ වලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළහි විශේෂ අමුත්තන් පැමිණීමේ පර්යන්තයේදී කුඩා දැරියන් පිරිසක් අලංකාර සංස්කෘතික නර්තනයක් ඉදිරිපත් කළ අතර, ජනපතිවරයා එම දැරියන් සමඟ කෙටි කතාබහකද නිරත විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාලදිවයිනේ අගනුවර වන මාලේහි ජනරජ චතුරශ්‍රයේදී පැවැත්වේ. ජනාධිපතිවරයා සමඟ මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටිති. ජනාධිපති මාධ්‍ය අංශය2025-07-28

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img