ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (18) දෙවසරක් සපිරේ.
පැවති යහපාලන ආණ්ඩුවේ නායකයන් දෙපල අතර තිබූ මතගැටුම්, ඒ හේතුවෙන් ක්‍රියාත්මක වූ ප්‍රතිපත්ති, බැඳුම්කර වංචාව, පාස්කු ප්‍රහාරය ආදී සිද්ධි හේතුවෙන් පාලන ක්‍රමයේ වෙනසක් ජනතාව ඉල්ලා සිටි වාතාවරණයක ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වුණි.
නොවැම්බර් 16 වනදා පැවති ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂයකට අධික ඡන්ද දිනාගනිමින් 52.25%ක ප්‍රතිශතයක් වාර්තාකරමින් ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ අද වැනි දිනකය.
ඒ අනුව, තම පෞද්ගලික නිවසම තම නිල නිවස ලෙස භාවිතයට ගනිමින් සිය ධුරයේ වැඩ ආරම්භ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කාර්යමණ්ඩලය සහ පරිවාර රථ මෙන්ම උත්සවාකාර සැමරුම්ද සීමා කිරීමට පියවර ගත්තේය.
ජාතික ආරක්ෂාව සහ දේශීය චින්තනය මුල්කරගත් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සැලසුම් කළ ජනාධිපතිවරයා සිය පළමු පාලන වසර තුළදී ඊට අදාළ තීන්දු රැසක් ක්‍රියාවට නැංවූවත් කොවිඩ් ලෝක වසංගතයත් සමඟ දැවැන්ත අභියෝගයකට මුහුණදීමට ඔහුට සිදුවුණි.
කෙසේ වෙතත් කොවිඩ් රැළි සාර්ථකව පාලනය කරගනිමින්, දිලිඳු ජනතාවට සහන ලබාදෙමින්, දෛනික කටයුතුද අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනපතිවරයා පියවර ගත්තේය.
එමෙන්ම කොවිඩ් එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛස්ථානයකට ගෙන ඒමට හැකිවීම ද ජනපතිවරයාගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයකි.
එසේම “ගම සමඟ පිළිසඳර” වැඩසටහන හරහා ජනතාව අතරට ගොස් ජනතා ගැටලු හඳුනාගැනීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.
එසේම වකුගඩු රෝගවලට ජනතාව ගොදුරුවීම වැළැක්වීමේ අරමුණ ඇතිව වස විස නැති ගොවිතැන වෙනුවෙන් කාබනික පොහොර වගාවට යොමුවීම ද ජනපතිවරයා ගත් නිර්භය තීන්දුවකි.
ගෝලීය වසංගතයක් හමුවේ හටගත් දුෂ්කරතා මධ්‍යෙය් අසීරු අඩියකින් රට ඉහළට ඔසවා තැබීම සඳහා ගෙන යන ප්‍රයත්නය වෙනුවෙන් “අද දෙරණ” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබාශිංසන පිරිනමයි.






















