ජනපති පදවි ප්‍රාප්තියේ පළමු වර්ෂපූර්ණය නිමිති කොටගෙන ආසන 160 ක මාර්ගසංවර්ධන ව්‍යාපෘති 160 ක් සහ පැළ මිලියන දෙකක් සිටුවීමේවැඩසටහන අද(22) ඇරඹේ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණය නිමිති කොටගෙන ආසන 160ක මාර්ග සංවර්ධන ව්‍යාපෘති 160 ක් සහ මග දෙපස පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන අද (22) දින ආරම්භ කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන ”සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල යටතේ කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
මෙහි සමාරම්භක උත්සවය අද (22) දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව නව අන්තර් හුවමාරුවේ වැඩ කටයුතු ආරම්භ කරමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අනෙකුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම මෙන්ම පැළ සිටුවීමේ වැඩසටහන අදාළ ආසනයන්හී මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා දේශපාලන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ






















