Monday, September 14, 2026
HomeNEWSජනපති රනිල්ගේ නායකත්වයට මූන්ගේ විශ්වාසය

ජනපති රනිල්ගේ නායකත්වයට මූන්ගේ විශ්වාසය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම තිරසර සංවර්ධන අරමුණු ජය ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද බෑන් කී මූන් මහතා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ පැවති “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග” පිළිබඳ විශේෂ සාකච්ඡාවට එක්වෙමින් බෑන් කී මූන් මහතා මේ බව සඳහන් කළ බවය.

එම සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ ගෝලීය හරිත වර්ධක ආයතනයේ සභාපති  සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ‍, මීට වසර හය හමාරකට පෙර ශ්‍රී ලංකාවේ පැවති තත්ත්වය සහ අද පවතින තත්ත්වය අතර ආර්ථික, දේශපාලන හා සමාජයීය විශාල වෙනසක් පවතින බවය.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) බෑන් කී මූන් මහතා හමුවී සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබේ.

එමෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් පවසයි.

තිරසර සංවර්ධන ඉලක්ක අය වැයකරණයට එක් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img