Wednesday, October 28, 2026
HomeNEWSජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයඅතර හමුවක්.

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයඅතර හමුවක්.

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයඅතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවත්විණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි. මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතුළත්ව ඇති බැවින් එහි නිර්දේශ සහ පරාමිතීන්ට අනුව කටයුතු කිරීමට රජයට සිදුව ඇති බවද, ඒ අනුව වියදම් සීමාවන්ට යටත්ව ප්‍රමුඛතා හඳුනා ගනිමින් මෙවර අයවැය යෝජනා සකස් කර තිබෙන අතර, අධ්‍යාපනයට සහ සෞඛ්‍යට ප්‍රමුඛත්වය දී ඇති බවත්, මෙම අසීරු තත්ත්වය යටතේදී පවා රාජ්‍ය සේවයේ විශාලතම මූලික වැටුප් වැඩි වීම මෙවර අයවැයේදී සිදු කර ඇති බවත් මෙහිදී සඳහන් විය.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ සියලු වෘත්තීකයන්ගේ ගැටලු පිළිබඳව රජයට මනා අවබෝධයක් ඇති බවත්, ඒ පිළිබඳ සංවේදීව කටයුතු කරමින් සියලුදෙනාගේ අයිතින් සුරක්ෂිත කිරීමට රජය කැප වී සිටින බවත්ය. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක යන මහත්ම මහත්මීන් සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න, ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත. බී. ඉලංගසිංහ යන මහත්වරු ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img