Sunday, September 20, 2026
HomeNEWSජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක්

ජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක්

ජපානයේ ආධාර ඇතිව නිමකළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් බංග්ලාදේශයේ ඩකා නගරයේ විවෘත කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති ඩකා නගරයේ ජනතාවට විශාල සහනයක් ලැබෙන බවය.

එම නගරයේ ජනගහනය මිලියන 20 කි.

එම ව්‍යාපෘතිය විවෘත කළ අවස්ථාවට එක්වූ එරට අගමැතිනි ෂෙයික් හසීනා පැවසුවේ එය එරටට ආඩම්බරයක් බවය.

එම සෑම දුම්රියකම එක් මැදිරියක් කාන්තාවන් වෙනුවෙන් වෙන්කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

එහි ක්‍රියාත්මක කළ පළමු සැහැල්ලු දුම්රියෙහි රියදුරු ලෙස කටයුතු කළේ කාන්තාවකි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේරියම් අෆිසා පැවසුවේ සිය සිහිනයක් සැබෑවූ බවය.

මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා වසර 6ක් පමණ ගතවී ඇති අතර එමගින් කිලෝ මීටර් 12ක් අතර පැයක් තුළ විශාල මගීන් සංඛ්‍යාවකට ගමන් පහසුකම් සැපයීමට හැකිය.

එය තවදුරටත් ව්‍යාප්ත කිරීමට නියමිතය.

මෙවැනිම ව්‍යාපෘතියක් කොළඹ නගරය ආශ්‍රිතවද නිර්මාණය කිරීමට සූදානම් වුවද එය පසුව අවලංගු කිරීමට මෙරට බලධාරීන් තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img