කොළඹ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Naoki Kamoshida මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතර විශේෂ හමුවක් අද (11) උදෑසන කොළඹ මල් පාර කාර්යාලයේදී සිදුවිණි. මෙහිදී රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දෙරට අතර පවතින ඓතිහාසික සබඳතාවය පිළිබඳවද මෙහිදී සිහිපත් කර තිබුණි.























