Monday, November 23, 2026
HomeNEWSජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X සටහනක් තබම්න් පැවසීය.

ඔහුගේ විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට පාර්ලිමේන්තුව මුළු දවසක්ම ගත කළ අතර, සියලුම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එයට විරුද්ධව ඡන්දය දීමට පමණක් හැකි විය, එමඟින් පෙන්නුම් කළේ ඔවුන් ඔහුට එරෙහි දූෂණ චෝදනා නොසලකා හැර සහාය දුන් බවයි.

ගල් අඟුරු වංචාව දැනටමත් ජාතියට මිලියන ගණනක් අහිමි කර ඇත. අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සිදුවුනත් සිදුවූ පාඩුවට කරන්නේ කුමක්ද යන්න අපැහැදිලිය. අවසාන වශයෙන්, මෙම දැවැන්ත වංචාවේ බර දරන්නේ පාරිභෝගිකයාය. ඉල්ලා අස්වීමකින් සැබවින්ම වන්දි ගෙවිය හැකිද යන්න ගැටළුවකි.

ඔහුගේ අතීත දූෂණ චෝදනා තිබියදීත්,කුමාර ජයකොඩි මහතාට මෙතරම් බලවත් අමාත්‍යාංශයකට පත් කිරීමේ වගකීම ජනාධිපති අනුර කුමාර දිසානායක භාර ගත යුතු බවද නාමල් රාජපක්ෂ පැවසීය. ඔහුගේ ඉතිහාසය හොඳින් දැන සිටියද, ජනාධිපතිවරයා ඔහුව බලශක්ති අමාත්‍යවරයා ලෙස පත් කළ අතර ඔහු පිලිබදව පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසුව පවා ඔහු ආරක්ෂා කළේය.

පාරිභෝගිකයින්ට විශාල වියදමක් දැරීමට සිදු වූ ගල් අඟුරු වංචාවට ජනාධිපතිවරයා සෘජුවම වගකිව යුතුය.මන්ද ඔහු කුමාර ජයකොඩිව වසරකට වැඩි කාලයක් ආරක්ෂා කළ බැවිනි, මෙම අපකීර්තිමත් සිද්ධිය හෙළිදරව් වීමෙන් පසුවත් ඔහුව ආරක්ෂා කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගලධාරි හෝටලය ‘Radisson Blu’ ලෙස ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් සන්නාමගත කෙරේ

අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් නවීකරණය වූ ගලධාරි හෝටලය ‘Radisson Blu’ ලෙස සන්නාමගත කෙරේ කොළඹ කොටුව ගලධාරි හෝටලය නවීකරණයෙන් අනතුරුව ‘ Radission Blu Hotel Galadari Colombo’...

මෙරට හෝටල් ක්ෂේත්‍රයේ රැකියා විදේශිකයින්ට ලබාදීම නතර කළ යුතුයි- ෆයිසර් මුස්තාපා

විදේශ සබඳතාවලදී මැදුම් පිළිවෙතක් අනුගමනය නොකිරීම හේතුවෙන් අතීත රජයන් අසාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී අද (23) ප්‍රකාශ කළේය. 2027...

උද්ධමනය 8.5%ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මස 8.1%ක්වූ උද්ධමන අනුපාතය ඔක්තෝබර් මාසයේදී 8.5%ක් දක්වා ඉහළට.සැප්තැම්බර් මාසයේ 6.9 %ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 7.2%ක්...

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව අවධාරණයෙන් ප්‍රකාශ කරනවා-ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට මොහොමඩ් ෆසල් නමැති පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව නව ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. එහි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img