ජාත්‍යන්තර කම්කරු දිනය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අවශ්‍ය වාතාවරණයක් සකස් කර දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.මීට වසරකට පමණ පෙර රටේ ඇති වී තිබූ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ පෝලිං නිර්මාණය වී තිබුණ බවත් ඒවා නැතිකර රට ආර්ථික වශයෙන් කළමනාකරණය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ගත්තු පියවර හේතුවෙන් අද නිදහසේ මැයි රැළි පැවැත්වීමට සියලුම දේශපාලන පක්ෂ වලට අවස්ථාව ලැබී තිබෙන බවද වජිර අබේවර්ධන මහතා විසින් පෙන්වා දෙන ලදී.






















