Friday, November 6, 2026
HomeNEWSරට මුහුණ දී ඇති අර්බුධ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මාධ්‍යයේ කාර්යභාරයයි -...

රට මුහුණ දී ඇති අර්බුධ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මාධ්‍යයේ කාර්යභාරයයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රට මුහුණ දී ඇති අර්බුධ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මාධ්‍යයේ කාර්යභාරයයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රටේ ඇති විවිධ දේශපාලන පක්ෂවලට අනන්‍ය සහ අන්‍යෝන්‍ය චින්තන සහ න්‍යායන් පැවැතියත් මේ අවස්ථාවේ ජාතික වශයෙන් වැදගත් වන කාරණා රැසක් පවතින බැවින් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් එකට එකතු වී කිසියම් සමාජ, ආර්ථික හා දේශපාලන සංවාදමය කතිකාවතක් ආරම්භ කර ඇති අවස්ථාවේ සැවොම එකට එකතු විය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන බල කුළුණු ත්‍රිත්වය වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතරට එක්වන තවත් ප්‍රධාන කුළුණක් වන මාධ්‍යට රට මේ අවස්ථාවේ මුහුණ දී ඇති දැවැන්ත අර්බුධ රාශියක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමාදාස මහතා මේ බව කියා සිටියේ අද (3) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුව හමුවූ අවස්ථාවේ අදහස් දක්වමිනි.

වත්මන් රජය මාධ්‍ය පාලනය සඳහා විකාශන අධිකාරී පනතක් ගෙන ඒමට සූදානම් වීම, රටේ ලක්ෂ 220ක් වූ ජනතාව තම අයිතීන් වෙනුවෙන් පාරට බහින විට ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන පනතක් ගෙන ඒම සහ මහබැංකු පනත වැනි ජනතාවට අහිතකර බලපෑම් එල්ල කරන පනත් සම්බන්ධයෙන් මෙන් ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය වෙනුවට අල්ලස් ලබා ගැනීම වැනි දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් ද ජනතා දැනුවත් කිරීමේ වගකීම මාධ්‍ය සතු බව විපක්ෂ නායකවරයා එහි දී අවධාරණය කළේය.

ආණ්ඩුවේ මෙවැනි අගතිගාමී වැඩපිළිවෙළ වැළැක්වීම සඳහා විපක්ෂය සූදානම්ව සිටින අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වගකීම ඇත්තේ සිව්වැනි ආණ්ඩුව ලෙස මාධ්‍ය සතුව බවත් මෙවැනි දූෂණ වංචා වළක්වා අපේ රට ලෝකයේ අංක 1ට ගෙන ඒම වැඩපිළිවෙළේ දී මාධ්‍යට සුවිශේෂි වැඩකොටසක් ඉටු කිරීමට පැවරී ඇති බවත් විපක්ෂ නායකවරයා එහි දී තවදුරටත් අවධාරණය කළේය.

NEWS CLIP ? https://youtu.be/ISofoU1g6Mw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img