Monday, October 26, 2026
HomeNEWSLatest Newsජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින 50 වන සැමරුම් මුද්දරය හා විශේෂ සමරු...

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින 50 වන සැමරුම් මුද්දරය හා විශේෂ සමරු කවරය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නිකුත් වෙයි

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින 50 වන සැමරුම් මුද්දරය හා විශේෂ සමරු කවරය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නිකුත් වෙයි

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින 50 වන සැමරුම් උත්සවයට සමඟාමීව සමරු මුද්දරයක් හා විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද 2020.10.15 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් ජාත්‍යන්තර සුදු සැරයටිසුරක්ෂා දින 50 වැනි සැමරුම් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය හා විශේෂ සමරු කවරය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීය.

එම විශේෂ සමරු කවරය හා සමරු මුද්දරය අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහත්වරුන්ට ද පිළිගැන්විණි.

අනතුරුව අග්‍රාමාත්‍යතුමා ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින 50 වැනි සැමරුම් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය හා විශේෂ සමරු කවරය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති චමීර පුබුදු කුමාර ද සිල්වා මහතාට පිරිනැමුවේය.

මෙම අවස්ථාවේදී ශ්‍රි ලංකා දශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතා අදහස් දැක්වීය, 

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුවද මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යතුමා සහභාගිවීම අපට පුදුමයට කාරණාවක් නෙමෙයි. මීට අවුරුදු 15කට කලින් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතා වැදගත් කාරණාවක් හඳුන්වා දුන්නා. මහින්ද චින්තන ප්‍රතිපත්තියේ තමයි පළමු වරට ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කළේ. අපි දන්නවා ඊට පසුව 2010 මහින්ද චින්තන ඉදිරි දැක්මෙදිත් මේ කාරණා අවධානයට ලක්කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිධූර කාලය තුළ විශේෂයෙන් දෘශ්‍යාබාදිත ප්‍රජාව කෙරෙහි විශාල වැඩ කොටසක් ඉටු කළා. ඒ වගේම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ඔස්සේත් අග්‍රාමාත්‍යතුමා දෘශ්‍යාබාධිත ප්‍රජාවට විශාල වැඩ කොටසක් කිරීමේ මුලිකත්වය දරමින් සිටිනවා. සුදු සැරයටිය කියන්නේ දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ ගමන් උපකරණය විතරයි. 

මේ සුදු සැරයටිය තමයි දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ අනන්‍යතා ලක්ෂණය, ඔවුන්ගේ පෞරුෂය හා අභිමානය හා ස්වාධීනත්වය කියන කාරණා තුනම මේ සුදු සැරයටියේ එකට ගැබ්වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ප්‍රජාව අග්‍රාමාත්‍යතුමා පිළිබඳව නිරන්තර මතකයකයෙන් පසුවන බව මේ මොහොතේ මතක් කරනවා. යැයි සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතාපැවසීය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සමාජ සේවා අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි, තැපැල්පති රංජිත් ආරියරත්න, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ.රණසිංහ, මුද්දර කාර්යාංශ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම, දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ ලේකම් ඊ.ඒ.වයි.එදිරිසිංහ, දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති චමීර පුබුදු කුමාර ද සිල්වා, දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා, දෘශ්‍යාබාධිත ජාතික සම්මේලනයේ සභාපති කමල්සිරි නානායක්කාර මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img