Wednesday, November 11, 2026
HomeNEWSජාතික ආරක්ෂාව තහවුරු කර අවසන් -බැසිල්

ජාතික ආරක්ෂාව තහවුරු කර අවසන් -බැසිල්

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

මේ අතර රජය මුහුණ දී ඇති වත්මන් අභියෝග කිහිපයක් පිළිබඳවද අමාත්‍යවරයා සඳහන් කරනු ලැබීය.

මත්ද්‍රව්‍ය ජාවාරම, වංචනික ව්‍යාපාර මෙහෙයුම ඉන් කිහිපයකි.

අයවැයෙන් වැඩිම මුදල වෙන්කර ඇත්තේ ණය ගෙවීම සඳහා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම රජය බාර ගන්නා විට රාජ්‍ය ණය රුපියල් බිලියන 13,032ක් බව ද ඔහු කියා සිටියේය.

“වෙළෙඳ භාණ්ඩ අපනයනය දිරි ගැන්වීම මගින් විදෙස් අදායම වර්ධනය කරගත හැකිය. සංචාරක ව්‍යාපාර දියුණු කිරීම සහ ආනයන ආදේශන නිෂ්පාදනය සඳහා වැඩි ඉඩකඩක් අවශ්‍යයි. ඝෘජු විදෙස් ආයෝජන ගෙන්වා ගත යුතුයි.”

“ඉදිරි දශකය තුළ රට තුළ වැඩිහිටි ජනගහණය වර්ධනය වෙයි”.

“රාජ්‍ය ව්‍යවසායන් 300ක් පමණ තිබෙනවා. වාර්ෂිකව ඒවා වෙනුවෙන් රුපියල් බිලියන 75ක් වියදම් කරනවා”.

“විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළ යෝජනා අයවැය සැකසීමේදී සැලකිල්ලට ගත්තා,” යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img