Sunday, September 20, 2026
HomeNEWSජාතික ජන බලවේග නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට.

ජාතික ජන බලවේග නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට.

ජාතික ජන බලවේග නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට දිනයේ පත් කිරීමට නිමිතිව තිබේ.එහිදී උපරිම වශයෙන් කැබිනට් අමාත්‍යවරුන් විසි පහක් පත් කිරීමට නියමිත අතර එම සියලු දෙනාම හෙට දිනයේ පත් නොකෙරෙනු ඇත.එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතැම් අමාත්‍යංශ සඳහා දෙදෙනකු බැගින් පත් කිරීමට නියමිත බවද සඳහන් වෙයි.කැබිනට් අමාත්වරුන් පත් කිරීමේදී ඒවාට අදාල විෂය ප්‍රවීණයන් පත් කිරීමට දැනටමත් සැලසුම් කර ඇත.කැබිනට් අමාත්‍ය ධුර ලබා දීමේදී මූලිකව අදාල වන දිස්ත්‍රික්කයකයන් සම්බන්දයෙන්ද සැලකිලිමත් වෙමින් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ ලබාදීමට සැලසුම් කර ඇත.අවම වශයෙන් දිස්ත්‍රික්කයකට කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය දුර දෙකක් හෝ ලබාදීමට මූලික වශයෙන් දැනටමත් සැලසුම් කර තිබේ.මෙම කැබිනට් මණ්ඩලය දිවුරුම් දිම හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ සිදුකිරීමට නියමිතව ඇත.ඊට අදාළ මූලික සූදානම් කටයුතු මේ වන විටත් සිදුවෙමින් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img